4 Years With Sinhala Subtitles

මේක පට්ට ආදර කතාවක්. ප්‍රධාන චරිත දෙක තමයි ගයත්‍රි හා විශාල්. මලයාලම් භාෂාවෙන් රංජිත් සංකර් නැමැති මලයාලම් අධ්‍යක්ෂවරයා තමයි පැය 2යි විනාඩි 2ක කාලයක් සම්පූර්ණ කරමින් දිව ඇදෙන මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ. ගයත්‍රි හා විශාල් කියන්නේ කාලයක් කැම්පස් එකේ හිටපු කවුරුත් දන්න කපල් එකක්. නමුත් කාලයාගේ ඇවැමෙන් මේ දෙන්නා වෙන් වෙනවා.අවුරුදු හතරක් ගෙවිලා දැන් මේ කැම්පස් එකේ අන්තිම දවස. මේ දවසින් පස්සේ මේ හැමෝම වෙන් වෙලා යනවා. විශාල් තාමත් ගයත්‍රි ගැන හිතනවා.. මේ අන්තිම දවසේ රෑ විශාල් ගයත්‍රිට පණිවිඩයක් යවනවා එක විනාඩි දහයකට එයාව හම්බවෙන්න එන්න කියලා.. ගයත්‍රි අවසන් වතාවට විශාල්ව හම්බවෙන්න යාවිද? මේ කැම්පස් එකේ අන්තිම දවස් දෙකේ කතාව තමයි මේ චිත්‍රපටියේ විනාඩි 120ක් පුරාවටම දිවයන්නේ.. තව කියව්වොත් චිත්‍රපටය බලලත් වැඩක් නෑනේ... ඒ නිසා බලලම ඉන්න.. අපේ සයිට් එක සබ් එකත් එක්ක ෆිලුම ගැනත් පහලින් කොමෙන්ටුවකුත් කොටා ගෙන යන්න... බුදු සරණයි!

බයිස්කෝප්ස් වෙබ් අඩවිය වෙනුවෙන් සාඩම්බර 54 වන පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම බයිස්කෝප්ස් උපසිරැසි කණ්ඩායම