Malikappuram With Sinhala Subtitles

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතෙ තමයි කල්ලූ නම් අට හැවිරිදි දැරිය. කල්ලූ ලොකු අසාවකින් ඉන්නේ ඇගේ ප්‍රියතම දෙවියන් වන අයියප්පා දෙවියන් වන්දනා කිරීමට සබරිමාලාව යාමට. ඒත් හැමදාම ඉටු නොවුනත් කල්ලූ තම පියාගෙන් ඉවක් බවක් නොමැතිව ඉල්ලා සිටින්නේ තමන්ව ඇයව සබරිමාලාව එක්කන් යන ලෙසයි.. හදිසියේම, අවාසනාවන්ත සිදුවීමක් සිදු වන අතර,ඉන්පසු ළමයින් දෙදෙනා තනිවමම අයියප්පන් දෙවියන් වන්දනාමාන කිරීමට සබරිමාලාවට යාමට තීරණය කරයි. මේ අතර ළමා ජාවාරම්කරුවෙකු කල්ලූ පැහැර ගැනීමට උත්සාහ කරයි. ළමයින් ආරක්ෂිතව සබරිමාලා වෙත ළඟා වූවාද? කල්ලූ පැහැර ගැනීමට තැත් කළ තැනැත්තාට මොකද උනේ? මේ කතාවේ අයප්පන්ගේ (උන්නි මුකුන්දන්) භූමිකාව කුමක්ද? ෆිල්ම් එකේ උත්තර තියෙනවා. "Unni Mukundan, Deva Nandha, Sreepath, Saiju Kurup" යන නළු නිළි කැළගේ දායකත්වයෙන් Vishnu Sasi Shankar විසින් පැය 2යි විනාඩි 1ක කාලයක් දිව ඇදෙන්නට අධ්‍යක්ෂණය කෙරූ ලස්සන මලයාලම් චිත්‍රපටයක් තමයි මේ Malikappuram. තව කියව්වොත් චිත්‍රපටය බලලත් වැඩක් නෑනේ... ඒ නිසා බලලම ඉන්න.. අපේ සයිට් එක සබ් එකත් එක්ක ෆිලුම ගැනත් පහලින් කොමෙන්ටුවකුත් කොටා ගෙන යන්න... බුදු සරණයි!

බයිස්කෝප්ස් වෙබ් අඩවිය වෙනුවෙන් සාඩම්බර 12 වන පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම සඳුනි අමා දහරා