Danger Close: The Battle of Long Tan With Sinhala Subtitle

අද අරගෙන එන්නෙ… Danger close – The battle of Long Tan කියන්නේ ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරපු සුපිරි ගණයේ යුධ චිත්‍රපටයක්. මේකට IMDb දර්ශක අගය 6.9 ක් විදිහට තමා සටහන් වෙන්නේ. මේක බැලුවට පස්සේ නම් ඒ අගය තවත් ඉහළට යන්න ඕනෙ කියල ඔයාලට හිතෙයි. ඒ තරමටම මේක නියමයි! මේ යුද්ධය සිද්ධ වෙන්නේ වියට්නාමයේ. වියට්නාමය යටත් කරගන්න ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ජාතික, සාමාන්‍යයෙන් අවුරුදු 20 ක් විතර වුණ තරුණ කොල්ලෝ ටිකක් කරගෙන යන සටනක් තමා මේ චිත්‍රපටයේ බලාගන්න පුලුවන් වෙන්නෙ. මේක ඇත්තටම සිදු වුණ යුද්ධයක්. Long Tan කියන රබර් වගාව තමා මේ කතාවට පාදක වෙලා තියන ස්ථානය. ඒ වෙනකන් සටනකට මුහුණ දීලා නොහිටපු තරුණ කොල්ලෝ 108 ක් වියට්නාම් කාරයෝ 2500 කට විතර එරෙහිවයි මේ යුද්ධය කරන්නේ. ප්‍රධාන චරිතේ තමා මේජර් හෙන්රි ස්මිත්. මේජර් ස්මිත් ව මේ කතාවේ එන සොල්දාදුවන් හදුන්වන්නේ Ratcatcher නැත්නම් මීයෝ අල්ලන්නා කියලා. මේජර්ගේ පාලනයෙන් ඩෙල්ටා කියන කණ්ඩායම කමාන්ඩෝ තත්වෙටම හැදෙනවා.පස්සේ මේ පුංචි කොල්ලෝ ටික සටන් බිමට බහිනවා. සුපිරි ගේමක් දෙනවා. සටනෙන් දිනනවද නැද්ද ක‍ියලා බලලම යාගන්න.අවසානයත් ටිකක් ගුප්තයි හොදේ. තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට අපි ගියා..

බයිස්කෝප්ස් වෙබ් අඩවිය වෙනුවෙන් සාඩම්බර 14 වන සිංහල උපසිරැසි පරිවර්තනය සදුනි අමා දහරා