Maaran With Sinhala Subtitle

මාරන් අවංක මාධ්‍යවේදියෙක්. ඇත්ත විතරක් ලියන එක මෙයාගේ අරමුණ. මාරන් සත්‍ය දේ විතරක් ප්‍රවෘත්ති වලට ලියන නිසා පුවත් නාලිකා කීපයකින්ම මාරන්ව සේවයෙන් ඉවත් කරනවා. කොහොම හරි මාරන් වෙනුවෙන්ම බලාගෙන හිටිය නාලිකාව එයාට හම්බවුණා. එයාගේ මේ ආකල්පයට නාලිකාවේ ප්‍රධානීන් කැමති වුණා. මාරන් ජීවත් වෙන්නෙ නංගියි, එයාලගෙ මාමාත් එක්කයි. මාරන්ගෙ නංගි ශ්වේතාට අම්මත්, තාත්තත් වුණේ අයියා මාරන්. මොනවා උනත් මාරන් වෘත්තීය ජීවිතයට වඩාත් උනන්දුවක් දුන්නා. මාරන්ට රහසිගතව මෙහෙයුමක් කරන්න පොලිස් නිලධාරියෙක්ගෙන් ඇරයුමක් ලැබෙනවා. මාරන් ඇරයුම පිළිගෙන මෙහෙයුමට බහිනවා. හිටපු ඇමති කෙනෙක්ගෙ ලොකූ වංචාවක් ගැන විමර්ශනය කරන්නයි මාරන්ට බාරදීලා තිබුණේ. මාරන් හිටපු ඇමතිවරයාගේ වංචාව ගැන පිටතට හෙළි කරනවා. මේ වෙනුවෙන් මාරන්‍ට කාගේත් පැසසුම් හිමි වෙනවා. හිටපු ඇමතිගෙ වංචාව ගැන ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි මාරන්ගෙ ලඟම තියාගන්නවා. හිටපු ඇමති මාරන්ට තර්ජනය කරලා සාක්ෂි අරගන්න හැදුවත් උත්සාහය අසාර්ථක වෙනවා. මාරන් හා ඇමතිගේ හෙන්චයියන් අතරේ රණ්ඩුවක් ඇති වෙනවා. ඒ වෙලාවෙදි මාරන්ට උදවු කරන්න රණ්ඩුවට මැදිහත් වෙන ශ්වේතාට තුවාල වෙනවා. මාරන්ගේ වෘත්තීය ජීවිතයේ ප්‍රශ්න නිසා පෞද්ගලික ජීවිතයටත් තර්ජනයක් වෙනවා. මාරන් නංගිගේ තුවාලය ගැන හුඟක් දුක් වෙන්න ගත්තා. ශ්වේතා මාරන්ට, තමන්ගේ ජීවිතය ගැන හිතන්න කිව්වත් මාරන්ට නංගිව, මාරන්ගේ ජීවිතයට වඩා වැදගත් වුණා. තවත් දවසක මාරන්ව මරලා දාන්න තවත් පිරිසක් එනවා. මේ වතාවේත් මාරන්ව මරන්න බැරි වෙනවා. ඒත් මේ සැරේ මාරන් හිතුවෙවත් නැති දෙයක් සිද්ද වෙනවා. රණ්ඩුව අවසාන වෙද්දි මාරන්ට මැසේජ් එකක් ලැබෙනවා. ශ්වේතාව හිර කරගෙන තියාගෙන ඉන්න වීඩියෝවක් මාරන්ට කෙනෙක් එවනවා. විනාඩි 10ක් ඇතුලත එතැනට එන්න කියලා කියනවා. මාරන් ශ්වේතා හිර කරගෙන ඉන්න තැනට යනවා. විනාඩි 10ක් ඇතුලත මාරන්ට එතැනට යන්න පුළුවන්ද? මෙහි අධ්‍යක්ෂණය, රචනය හා තිර රචනය කාර්තික් නරේන්. කාර්තික් Duruvangal Pathinaaru (2016) චිත්‍රපටයෙන් අධ්‍යක්ෂකවරයෙක් විදිහට සිනමාවට පිවිසෙනවා. කාර්තික් ඒ වෙනකොට දෙමළ සිනමාවේ ලාබාලතම අධ්‍යක්ෂකවරයා විදිහට අවුරුදු 21දියි සිනමාවට අවතීර්ණ වෙන්නෙ. කාර්තික්ගේ දුරුවන්ගල් පදිනාරු චිත්‍රපටයේ කතාව නළුවන් කිහිප දෙනෙකුට ඉදිරිපත් කලත්, අවසානයේ රහුමාන් මේ චිත්‍රපටයට ස්ථාවර කර ගැනෙනවා. ඇත්තටම කාර්තික් උසස් අධ්‍යාපන කටයුතු කරද්දියි සිනමා අධ්‍යක්ෂණයට උනන්දු වෙන්නෙ. කාර්තික්ගෙ අම්මා තාත්තා එක්ක මේ ගැන කතා කරද්දි ඔහුව මේ චිත්‍රපටය වෙනුවෙන් ධෛර්යමත් කරලා තියෙනවා. ඒත් ඔහු වටේ උන් පිරිස මේ ගැන සෘණාත්මක කෝණයකිනුයි බැලුවෙ. කාර්තික්ගෙ දෙමව්පියන් තමන්ට හිතෙන් දේ කරන්න ඉඩ ලබා දීලා තිබුණා. කොහොම වුණත් මේ කතාව වෙනුවෙන් නිෂ්පාදකයෙක් හොයාගන්නට වුණ බැරි තැන, කාර්තික්ගෙ තාත්තා චිත්‍රපටය නිෂ්පාදනයට මුදල් යොදවනවා. දැඩි වෙහෙසක් දරා කල නිර්මාණය වෙනුවෙන් කාර්තික් නරේන් සම්මාන පවා හිමිකර ගන්නවා. D16 වෙනුවෙන් දමිළ සිනමාවේ ඉහළ තැනක් හිමි වෙනවා. D16 චිත්‍රපටයට ප්‍රසංසා කරපු අධ්‍යක්ෂක වෙට්‍රිමාරන් කාර්තික්ට ‘පොඩ්ඩක් විවේක ගන්න මේ ගමන්ම තවත් චිත්‍රපටියක වැඩට බහින්න එපා’ කියලා උපදෙස් දීලා තියෙනවා.

බයිස්කෝප්ස් වෙබ් අඩවිය වෙනුවෙන් සාඩම්බර 08 වන සිංහල උපසිරැසි පරිවර්තනය නිසංසලා දිල්රුක්ෂි