Legion of Super-Heroes With Sinhala Subtitle

අද උපසිරසි අරගෙන ආවේ තවත් DC Animated චිත්‍රපටයකටයි. මේ තමයි මේ අවුරුද්දේ පෙබරවාරි 7 වෙනිදා නිකුත් වුණු Legion of Super-Heroes කියන චිත්‍රපටය. මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ 5.7 ක අගයක් හිමි වෙලා තියෙනවා. Jeff Wamester විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටයට Meg Donnelly, Yuri Lowenthal, Harry Shum Jr., Darin De Paul, Jensen Ackles වගේ අය හඬකැවීමෙන් දායක වෙලා තියෙනවා. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි කාරා හෙවත් සුපර්ගර්ල්. CW Flash හෝ Supergirl TV series බලපු අයට නම් මෙයාව අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕනෙ නෑ. ඒත් සරලවම කියනවා නම් මෙයා සුපර්මෑන්ගේ ඥාති සහෝදරියක්. මෙයා පෘථිවියට එනකොට මෙයාගේ පොඩ් එක නියමිත ගමන් මාර්ගයෙන් අයින් වෙලා මෙයා පෘථිවියට එන්නෙ එයා එන්න නියමිත වෙලා තිබුණු දිනයට දශක ගාණකට පස්සෙයි. ඉතින් ඔය ටික දැනගෙන හිටියාම ඇති. මොකද ෆිල්ම් එකෙත් ආයෙ අපට එයාව හඳුන්වලා දෙනවා. ඉතින් කොහොමහරි, කාරාට පෘථිවියට හැඩගැහෙන්න අමාරුයි, මොකද එයා ක්‍රිප්ටොන්වල දියුණු තාක්ෂණයට හුරු වෙලා තියෙන නිසා. ඉතින් සුපර්මෑන් එයාව ගෙනියනවා 31 වන සියවසේ පෘථිවියට. එතනදී මෙයා ලීජන් ඇකඩමියට බැඳෙනවා. මේ අතරේ එයා දැනගන්නවා ඩාක් සර්කල් එක කියලා අභිරහස් කණ්ඩායමක් ලීජන් එක ඇතුළේ තියෙන අධිබලැති ආයුධයක් හොරකම් කරන්න යනවා කියලා. ඒවගේම ලීජන් එකේම තවත් ශිෂ්‍යයෙක් වන බ්‍රේනියැක්ගේ මුණුබුරෙකු වන බ්‍රේනියැක් 5 ගේ හැසිරීමත් ටිකක් අමුතුයි… එහෙනම් ෆිල්ම් එක බලලාම ඉතුරු ටික හොයාගන්නකෝ..

බයිස්කෝප්ස් වෙබ් අඩවිය වෙනුවෙන් සාඩම්බර 62 වන සිංහල උපසිරැසි පරිවර්තනය නුවන් අසේල ආරියරත්න