London Has Fallen With Sinhala Subtitle

2013 වසරේ Antoine Fuqua විසින් නිපදවුණු Olympus has fallen චිත්‍රපටය නම් හැම කෙනෙක්ම අහන්න දකින්න ඇතිනේ. නමුත් මේ ගේන්නෙ මේ අවුරුද්දේ නිපදවුණු Babak Najafi විසින් අධ්‍යක්ෂණය කරන ලද London Has Fallen චිත්‍රපටය ගැනයි. චිත්‍රපටය නිකුත් වෙන්නේ නම් 2016 මාර්තු 4 වෙනිදා. ඇස්තමේන්තු ගත කිරීමට අනුව මේ ෆිල්ම් එක නිර්මාණය කරන්න ඇමරිකානු ඩොලර් 60,000,000 වියදම් වෙලා තියෙනවා. නමුත් පළමු සතිඅන්තය තුළ ප්‍රදර්ශනයෙන් පමණක් ඇමරිකානු ඩොලර් 21,635,601 උපයාගෙන තිබෙන බවට BOX OFFICE වාර්තා අතරේ සදහන් වෙනවා. Action, Crime, Thriller ඝනයට ඇතුළත් වෙන මේ චිත්‍රපටය IMDb දර්ශකය තුළ 6.2/10 ක් ලබාගැනීමට හැකියාව ලැබිලා තියෙනවා ඔලිම්පස් හෑස් ෆෝලන් එකට වඩා තරම් අගය නම් අඩු වෙලා තියෙනවා. ඒත් පැයකුත් විනාඩි 39 ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය සුපිරි ඝනයේ එකක් බවට මට හොදටම තහවුරු කරන්න පුලුවන්. කලින් චිත්‍රපටීයේ රග පෑ Gerard Butler, Aaron Eckhart, Morgan Freeman, Angela Bassett ඔය විශේෂ චරිත කිහිපය මෙවර චිත්‍රපටියෙන්ද දැකගන්න පුළුවන්. ලෝකය පුරාම අතිවිශාල ආයුධ වෙළදාම් කරන්නෙක් වන අමීර් බකාවී නිසා ගොඩක් විනාශකාරී බෝම්බ හෙලීම්, පහර දීම් ආදි යුධමය ක්‍රියා සිද්දවෙනවා. මිනිසුන් සී සී කඩ මරණයට පත්වෙනවා. නමුත් එයාව හොයාගන්න නම් බැහැ. එයාගේ පුතාගේ නම තමයි කැම්රන්, දවසක් මේ කට්ටිය බ්කාවී එයාගේ දුවගේ මංගල්‍යට සහභාගී වෙනවා. කැම්රනුත් එදාට එනවා. බකාවීව ලේසියෙන් හොයාගන්නත් බැරි නිසා නේවාඩා වල ගුවන් හමුදා බලකායට ලැබුණු ඔත්තුවක් මත මිසයිලයක් යවලා විනාශ ඒ මුළු ස්ථානයම එහෙමත් නැත්තම් මංගල්‍යම විනාශ කරලා දානවා. ඔතනින් පස්සේ තමයි, ලේ/පළිගැනීමේ වෛරය පටන් ගන්නේ. වසර දෙකකට පසු වර්තමාන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජේම්ස් විල්සන් මරණයට පත්වෙනවා. මොහු ඉතිං ගොඩක් ප්‍රසිද්ධ ශ්‍රේෂ්ට පුද්ගලයෙක් නිසා විශාල රටවල් ප්‍රමාණයකින් මේ අවමංගල්‍ය උත්සවයට එනවා. නිකන් අය නෙවේ වටිනාකියන ලෝක නායකයෝ. ඒකට එක්සත් ජනපදයේ ජනාධිපතිත් ඇතුළුව යනවා. ත්‍රස්තවාදීන් පෙර ඉදන් හැමදේම සැලසුම් කරලා. මේ අය පහර දෙන්න පටන් ගන්නවා. ඔවුන් එන්න එන්නම සාර්ථක වෙනවා. ලෝක නායකයින් පස් දෙනෙක් මරණයට පත්වෙනවා. මේ ත්‍රස්තවාදීන් පළිගන්නේ නායකයින්ගෙන් විතරක් නෙවේ. එදා දිනයේ එතනට එකතු වෙලා හිටියා අහිංසක සිවිලේ ජනතාවගෙනුත්. මිනිසුන් සිය ගාණක් ද මිය යනවා. හැම වතාවකම වගේ මෙවතරත් ඉතුරු වෙන්නේ ජනාධිපති, බැනින් හා ලියන්. නමුත් අවාසනාවට අතරමගදී ලියනුත් මරණයට පත්වෙනවා. ත්‍රස්වාදීන්ට ඕනේ කරන්නේ ඈෂර් ජනාධිපතිතුමාව. එක සැරේ මරලා දාන්න නෙවේ මුළු ලෝකයට මේ විකාශය කරවලා ඔහුව මරන්න. බැනින් කියන්නේ සුපිරිම තදයෙක්. එයා මේක අතහරින්නේ නැහැ. මේ හැම පහරදීමක් පිටුපසම බකාවී හිටියත් ඔහු හැමදේටම අතරමැදි කරවන්නේ ඔහුගේ පුතා වන කැම්රන්ව. අන්තිම මොහොතේදී බැනින් අතින් ජනාධිපතිතුමාව අහිමි වෙනවා. ත්‍රස්තවාදීන් ඔහුව පැහැරගෙන යනවා. එතකොට ඒ කියන්නේ මේ ජානාධිපතිතුමාගේ අවසානයද?? බලලම ඉන්නකෝ එහෙනම්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක ඉක්මණින්ම දෙන්න වුවමනා නිසා දැනට මේ පිටපතට ඇවිත් තියෙන පළමු උපසිරැසිය තමයි උපසිරැසි ගැන්වූයේ. මේක අංගසම්පුර්ණ ඉංග්‍රීසි උපසිරැසියක් නම් නෙවෙයි. අසා ලිවීම්, සින්ක් කිරීම් වගේ ගොඩක් දෝෂ තිබ්බා. හැම එකම අසා ලියන්න බැහැ. කියන එක ඇහෙන්නේ නැහැ. ඒ නමුත් ඉතිං එකම දේ දහාපාරකට වඩා අහලා අහලා තමයි ඇතැම් තැන් ලිව්වේ. ඒ නිසා වැරදි අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න. එහෙනම් මං හැමෝටම ආරධනා කරනවා නිවාඩු පාඩුචේ ඉන්න නිසා මේ ෆිලුම බලන්න කියලා..

බයිස්කෝප්ස් වෙබ් අඩවිය වෙනුවෙන් සාඩම්බර 64 වන සිංහල උපසිරැසි පරිවර්තනය නුවන් අසේල ආරියරත්න