Veera Simha Reddy With Sinhala Subtitles

"වීර සිම්හා රෙඩ්ඩි" කියන්නේ 2023 වසරේදී නිකුත් වුන Gopichand Malineni විසින් අධ්‍යක්ෂණය කරන ලද Action, Adventure, Drama යන කාණ්ඩ වලට අයත් වෙන චිත්‍රපටයක්. චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා Balakrishna, Shruti Hasan, සහ Honey Rose රංගනයෙන් දායක වන අතර Duniya Vijay, Varalaxmi Sarathkumar, Lal, Chandraka Ravi, Ravishankar P, Murli Sharma, Naveen Chandra, Ajaygosh, B S Avinash, ඇතුළු තවත් බොහෝ පිරිසක් සහය රංගනයෙන් දායක වෙනවා. මෙහි සංගීතය Thaman S අතින් සිදු කර ඇති අතර, කැමරාකරණය Rishi Punjabi අතිනුත්, සංස්කරණය Navin Nooli විසින්ද සිදු කර තිබෙනවා. ඒ වගේම මෙම චිත්‍රපටය Mythri Movie Makers බැනරය යටතේ නවීන් සහ Y Ravi Shankar විසින් නිෂ්පාදනය කටයුතු සිදු කර තිබෙනවා. මේකෙ කතාව ගැන කීවොත්, Jai Simha Reddy (බාලක්‍රිෂ්ණ) කියන්නෙ තුර්කියේ ඉස්තාන්බුල් වල තමන්ගේ අම්මත් එක්ක ජීවත් වෙමින් අවන්හලක් පවත්වාගෙන යන කෙනෙක්. ඔහු ව්‍යාපාරිකයෙක් වෙන ජයරාම්ගේ දියණිය වන ඊෂා (ශ්‍රුති හසන්) කියන රූමත් තරුණියට ආදරය කරන්න පටන් ගන්නවා. Jai Simha Reddyගේ විවාහය වෙලාවෙදි ඔහුට තම පියා වෙන වීර සිම්හා රෙඩ්ඩි (බාලක්‍රිෂ්ණ) පිළිබඳ රහස දැන ගැනීමට හැකි වෙනවා. ඉතිං මොකද්ද මේ කියන රහස? ඔහුගේ මව තම පියාගේ සත්‍යය ඔහුගෙන් හංගගෙන හිටියෙ ඇයි? මේවා දැන ගන්න නම් අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක බලන්නම සිද්ද වෙනවා. එහෙනම් ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා...සුභ දවසක්. Veera Simha Reddy With Sinhala Subtitles (2023) ඡන්මාන්තර වෛරය..

බයිස්කෝප්ස් වෙබ් අඩවිය වෙනුවෙන් සාඩම්බර පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නුවන් අසේල ආරියරත්න සහ සවිදු නිර්වංජන කරුණාරත්න