VMichael With Sinhala Subtitles

"Michael" චිත්‍රපටය රංජිත් ජෙයකොඩි විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද දෙමළ ක්‍රියාදාම,ත්‍රාසජනක චිත්‍රපටයකි. මේ චිත්‍රපටයේ අමතර දෙබස් කොටස රාජන් රධමනාලන් විසින් ලියා ඇත. චිත්‍රපටයේ Sundeep Kishan, Divyansha Kaushik, සහ Vijay Sethupathi ප්‍රධාන චරිත නිරූපණය කරන අතර, Gautham Menon, Varalaxmi Sarathkumar, Varun Sandesh, ඇතුළු තවත් සහය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වී තිබෙනවා. දෙමළ, තෙළිඟු, කන්නඩ, මලයාලම් සහ හින්දි යන භාෂා පහකින් මෙම චිත්‍රපටය තිරගත කීරිම සිදු කර තිබෙනවා. කිරන් කෞෂික් කැමරාකරණයෙන් දායක වී ඇති අතර සංස්කරණය සත්‍යනාරායනන් විසින් සිදු කර තිබෙනවා. ඒ වගේම සෑම් සීඑස් චිත්‍රපටයේ හඬපට සහ පසුබිම් සංගීතය නිර්මාණය කර තිබෙනවා. Karan C Productions LLP සහ Sree Venkateswara Cinemas LLP යන බැනර් යටතේ, භාරත් චෞද්‍රි සහ පුස්කුර් රාම් මෝහන් රාඕ විසින් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සිදු කර තිබෙනවා. මයිකල් චිත්‍රපටයේ කතාව පැත්තට හැරුනොත්, මයිකල්ගේ ජීවිතයට අනපේක්ෂිත ලෙස පැමිණෙන මැර කල්ලියක් නිසා ඔහුට ඔහුගේ පෙම්වතියව අහිමි වෙනවා. ඒ නිසා ඔහු මුළු නගරයම පාලනය කරගෙන ඉන්න මේ මැර කල්ලියෙන් පලිගන්න උත්සාහ කරනවා. මයිකල්ගේ ජීවිතයට මේ මැර කල්ලිය සම්බන්ධ වුනේ කොහොමද? ඒ ගැන දැන ගන්න නම් මේ ෆිල්ම් එක අනිවාර්යෙන්ම බලන්න සිද්ද වෙනවා. ඒ නිසා හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා...

බයිස්කෝප්ස් වෙබ් අඩවිය වෙනුවෙන් සාඩම්බර පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නුවන් අසේල ආරියරත්න සහ සවිදු නිර්වංජන කරුණාරත්න