Angel Has Fallen With Sinhala Subtitle

Snitch (2013) සිනමාපටයෙ අධ්‍යක්ෂක Ric Roman Waugh විසින් තමයි මේ වතාවේ තුන්වැනි Fallen සිනමාපටය නිර්මාණය වෙලා තියෙන්නෙ. 2019 අගෝස්තු 23’වැනිදා නිකුත් වුන මේ සිනමාපටය හරහා මුල් සිනමාපට ද්විත්වය හරහා දකින්න ලැබුණු මුහුණු අතරින් Gerard Butler හා Morgan Freeman යන නළුවන් දෙන්නා විතරයි මේ වතාවේ දකින්න ලැබෙන්නේ. කොටින්ම ලීයා බැනින් විදිහට දකින්න ලැබුණු Radha Mitchell නිලිය වෙනුවට Piper Perabo කියන නිලියව තමයි දැකගන්න ලැබෙන්නෙ වගේම මේ වතාවේ Lionsgate සමාගම යටතෙ තමයි මේ සිනමාපටය බෙදාහැරීම සිදු වෙලා තියෙන්නෙ. මේ සිනමාපටය සදහා IMDb දර්ශකයේ 6.7/10 ක අගයක් ලැබිලා තියෙනවා. ඇ.ඩො.මි. 63 කින් නිර්මාණය වුන මේ සිනමාපටය 2019 ඔක්තෝබර් 31 වෙද්දී ලොව පුරා ප්‍රදර්ශනය කිරීමෙන් ඇ.ඩො.මි. 133 ක මුදලක් උපයාගන්නට සමත් වෙලා තියෙනවා. Joker, Hobbs & Shaw වගේ අති දැවැන්ත නිර්මාණ නිකුත් වෙච්ච කාලෙක මේ තරම් දුර හරි ආවා මදැයි ඉතින්. තුන්වැනි සිනමාපටය කාලෙදි වත්මන් ජනාධිපති විදිහට දැකගන්න ලැබෙන්නේ මුල් සිනමා නිර්මාණ තුලින් දැකගන්න ලැබුණු ඇලන් ට්‍රම්බල්ව. සුපුරුදු පරිදි මයික් බැනින් රහස් සේවයේ කටයුතු කරනවා. රහස් සේවයේ අධ්‍යක්ෂක විදිහට හිටිය කෙනා විශ්‍රාම යන්නට සුදානම් වීමත් එක්ක මයික් බැනින් තමයි මීලගට අධ්‍යක්ෂක තනතුර වෙනුවෙන් ඉන්නේ. මේ තනතුර ගැන මයික් ලොකු දෙගිඩියාවෙන් ඉන්නේ. මොකද එයා කාටත් හොරා ප්‍රතිකාර කරන රෝග කිහිපයක්ම මයික්ට මතුවෙන්න පටන් අරන් තියෙන්නෙ. කිසිම කෙනෙක්ට කියලා ප්‍රශ්න ඇති කරගන්න කැමති නැති වුනාට මේ රෝග නිතරම වගේ මතු වෙන්න ගත්ත ඒවා. මයික් හමුදාවේ සේවය කරන කාලේ එයත් එක්ක සේවය කරපු වේඩ් ජෙනින් කියලා කෙනෙක් මේ වෙද්දී පුද්ගලික හමුදා කොන්ත්‍රාත් කම්පැනියක ප්‍රධානියෙක් විදිහට කටයුතු කරනවා. මයික්ට වතාවක් අවස්තාවක් ලැබෙනවා වේඩ්ගේ මුලස්ථානයේ පුංචි පුහුණුවක් ලබන්න. මේ දේවල් එක්ක මේ දෙන්නගේ යාලුකම නම් අලුත් වෙනවා. හැබැයි ඉතින් මයික් නොදැනුවත්වම මේ එක්කම තමයි ලොකු විනාශයක මුල පිරිම සිද්දවෙන්නෙත්. ට්‍රේලර් එක බැලුවා නම් දකින්න ඇතිනේ සෑහෙන බරපතල විදිහට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවෙනවා? ඉතින් ප්‍රහාරය නිසා දොස් පැවරෙන්නේ මයික්ට. මේ සිනමා නිර්මාණය පටන් ගන්න මුල් තප්පර කිහිපයේ ඉදන් පැය දෙක දක්වාම කුතුහලයෙන් නරඹන්න පුලුවන් කමක් තියෙද්දී මම කියන්න යන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. Fallen සිනමා නිර්මාණවල හතරවැන්නක් නිර්මාණය වෙනවද නැද්ද කියලා නම් තාමත් කිසිම නිවේදනයක් කරලා නම් නැහැ. හැබැයි ඉතින් මගේ අදහස නම් තවත් එකක් නිර්මාණය නොවී මේක මෙතනින් නවතීවි කියලයි හිතෙන්නේ..

බයිස්කෝප්ස් වෙබ් අඩවිය වෙනුවෙන් සාඩම්බර 65 වන සිංහල උපසිරැසි පරිවර්තනය නුවන් අසේල ආරියරත්න