Varisu With Sinhala Subtitles (2023) කිසිම පවුලක් අංග සම්පූර්ණ නැහැ

Munna 2007, Brindavanam 2010, Yevadu 2014, Oopiri/Thozha 2016, Maharshi 2019 යන තෙලඟු චිත්‍රපටයන් හි අධ්‍යක්ෂකවරයා වන Vamshi Paidipally ගේ කුළුදුල් දමිළ සිනමා අධ්‍යක්ෂණය VARISU 2023 චිත්‍රපටය හැඳින්විය හැකියි. ඉහත සිනමාපට මේ වනවිටත් නරඹා ඇති අයෙකුට මොහුගේ සිනමාපටයන්හි ඇති නිර්මාණශීලිත්වය කෙසේදැයි කියා අමුතුවෙන් කීමට අවශ්‍යය වන්නේ නැත. එමෙන්ම මෙහි දමිළ සිනමාවේ පතාක යෝදයකු වන විජේ ගේ රඟපෑම සහ Vamshi Paidipally අධ්‍යක්ෂණය සමඟින් හැඩවුන මෙම චිත්‍රපටය දමිළ සිනමා රසිකයින් මඟ නොහැර රසවිඳිනා සිනමාපටයක් වේ යැයි මා විශ්වාස කරනවා. ඇත්ත වශයෙන්ම කාල වෙලාව නැති ගැටළුව නිසාවෙන් මීටත් එහා යමක් ලිවීමට බලාපාරොත්තු වන්නේ නෑ. ක්‍රියාදාම පිරි නාට්‍යම්‍ය සහ නොමඳ හාස්‍යය උපදවන ජවනිකා වලින් සන්නද්ධ මෙම චිත්‍රපටය නරඹන ලෙස ඉල්ලා සිටිමින් අදට මා සමුගන්නවා..

බයිස්කෝප්ස් වෙබ් අඩවිය වෙනුවෙන් සාඩම්බර පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිසංසලා දිල්රුක්ෂි