The Relative Worlds With Sinhala Subtitles (2019) සාපේක්ෂ ලෝකයන්

"The Relative Worlds" එහෙමත් නැත්නම් "ashita sekai ga owaru toshitemo" කියන්නෙ 2019 වසරේ නිකුත් වුන හරිම ලස්සන ජපන් Anime ෆිල්ම් එකක්. ඇනිමෙ Films සහ Tv series බලන අයට නම් ඒ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ. කතාව ගැන කීවොත් මේකේ වෙන්නෙ, පාසල් වයසේ පසුවන "ෂින් සහ කොටොරි" කියන තරුණ යුවළට සමාන්තර ලෝකයක් හා සම්බන්ධව මුහුණ දෙන්න වෙන සිදුවීමක් ගැනයි. මේක ඇතුලේ ලස්සන ආදර කතාවක් සහ සුපිරි විද්‍යා ප්‍රබන්ධ කතාවකුත් අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම මේ ෆිල්ම් එකට MyAnimeList එක තුල 6.4ක අගයක් ලැබිලා තියෙනවා. එහෙනම් මේ Anime Film එක මගහරින්නෙ නැතුව අනිවාර්යයෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු, සුභ දවසක්...

බයිස්කෝප්ස් වෙබ් අඩවිය වෙනුවෙන් සාඩම්බර පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම සවිඳු නිර්වංජන